වාහන විකුනනවා කියා රහසේ මුදල් ගැරූ වංචනිකයා දැලේ

Report

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වංචනික ලෙස මුදල් ඉපයීම් කළ තරුණයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

හල්දුම්මුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (28) මෙම සැකකාර තරුණයා බලංගොඩ නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 

මෙම තරුණයා ත්‍රීරෝද රථ හා යතුරු පැදි විකිණීමට ඇති බවට සඳහන් කරමින් අසත්‍ය දැන්වීම් පළ කර අත්තිකාරම් මුදලක් රැගෙන එය බැංකු ගත කරගෙන මුදල් වංචා කොට තිබෙනවා.   මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කළ පොලීසිය සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මම එහෙම කළේ නෑ... මාලනීගේ දේහය ළඟ දී අම්මෙක්ව තල්ලු කරපු නිළිය කට අරී

මම එහෙම කළේ නෑ... මාලනීගේ දේහය ළඟ දී අම්මෙක්ව තල්ලු කරපු නිළිය කට අරී

සැකකරු වයස අවුරුදු 29ක් වන බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙ කි .

මෙම සැකකරු හල්දුම්මුල්ල, සමනල වැව, කෑගල්ල හා මහනුවර ආදි විවිධ පොලිස් වසම්වල පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 02 මුදලක් පමණ මෙලෙස වංචා කර ඇති බවට තොරතුරු ලැබී ඇත.

"මම එයාගේ මූණ බලන්නෑ.. කාලකණ්නි නිළියෝ" - මාලනී බලන්න ආ කුමාර ආවේගශීලි වෙයි

"මම එයාගේ මූණ බලන්නෑ.. කාලකණ්නි නිළියෝ" - මාලනී බලන්න ආ කුමාර ආවේගශීලි වෙයි

ඔහු විසින් මෙලෙස සිදු කළ තවත් වංචාවන් සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා හල්දුම්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවයි වාර්තා වී ඇත්තේ.