විවාහ වෙච්ච, වෙන්න ඉන්න සියලුම දෙනාට විශේෂ පණිවුඩයක්..හදුන්වා දෙන්න යන අලුත් නීතිය මෙන්න..
දික්කසාද නීතිය සම්පූර්ණයෙන් ඉවත් කර නව නීතියක් හඳුන්වා දීමට රජය සැලසුම් කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
මෙය ‘වරදක් නැති දික්කසාද’ නමින් හැඳින්වෙන අතර මේ වන විට එය කෙටුම්පත් අවසන් කර ඇති බවයා අමාත්‍යවරයා අවධාරණය කළේ.
අමාත්‍යවරයා සඳහන් කළේ, නව පනත් කෙටුම්පත මගින් දික්කසාද නඩු සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් තොරව තීන්දුවක් ලබා දීමට අධිකරණයට බලය පැවරෙන බවයි.
නව අන්‍යෝන්‍ය පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ විදේශ විනිශ්චයන් බලාත්මක කිරීමේ පනත් කෙටුම්පත මගින් දික්කසාද නඩු සම්බන්ධයෙන් විදේශීය අධිකරණවල 8 තීන්දු ශ්‍රී ලංකාවේ අධිකරණවල පිළිගැනීමට ද ඉඩ සැලසෙන බවයි රාජපක්ෂ මහතා පවසා සිටියා.