දැනෙන මිලකින් බේකරි නිෂ්පාදන අඩු කිරීමට තීරණයක්...අඩු කරන්න යන මිල ගණන් මෙන්න.
By Aruna
ඉදිරි දින කිහිපය තුළ බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට උත්සාහ කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටිනවා.
වාර්තා වන අන්දමට තිරිගු පිටි ආනයනය කරන සමාගම් දෙක සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.
ඒ අනුව, බේකරි නිෂ්පානවල මිල ගණන් රුපියල් 10කින් අඩු කිරීමට අවධානය යොමු කරන බවටයි පැවසෙන්නේ.
තිරිඟු පිටි මිළ අඩුකරහොත් අනිවාර්යෙන්ම බේකරි නිෂ්පාදන මිල අඩුකරන බවයි ප්‍රකාශ කරනු ලබන්නේ.
වැඩිදුරටත් පවසන්නේ පාරිභෝගික ජනතාවට දැනෙන මිළකින් බේකරි නිෂ්පාදන මිළ අඩුකර යුතු බවටයි.