රට පුරා දිස්ත්‍රික් 08කට රතු එළියක්..මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන් සිටින්න..

Mulberry Monaragala Polonnaruwa TN Weather Weather
By Aruna Aug 24, 2023 12:05 AM GMT
Aruna

Aruna

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික්ක 08 ක් සඳහා උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පහත නිවේදනයේ දක්වා තිබෙන ප්‍රදේශ සඳහා මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවධානය’ යොමුකළ යුතු මට්ටමේ තිබෙන බවයි සදහන් වන්නේ.

මෙම නිවේදනය අද (24) පස්වරු 2:30 දක්වා වලංගු වේ.

එම නිවේදනය පහතින්,

මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

GalleryGallery
ReeCha