දිස්ත්‍රික් සංවර්ධන කටයුතු වේගවත් කරයි

Report

2026 වසරේ අයවැය ප්‍රතිපාදන තුළින් දිස්ත්‍රික් සංවර්ධන කටයුතු ඉතා වේගවත්ව සහ කඩිනමින් ආරම්භක කර මහජනතාවට අවශ්‍ය පහසුකම් සැලැසිය යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සදහන් කර තිබේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නාරාහේන්පිට “නිල මැදුර”පරිශ්‍රයේදී ඊයේ (26) පැවැත්වුණු 2026 වසරේ ප්‍රථම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවට එක්වෙමින් මේ බව සදහන් කර තිබේ.

මෙම දිස්ත්‍රික් ලේකම් සමුළුව සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන, ආරක්ෂක, පරිසර, කෘෂිකර්ම,වාරිමාර්ග, කාන්තා හා ළමා කටයුතු, කර්මාන්ත, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්, විදේශ කටයුතු යන අමාත්‍යාංශවල මාණ්ඩලික නිලධාරීන් ද සහභාගී වී තිබුණි.

    මෙම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව සංවිධානය කර තිබුණේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පවතින ගැටලු පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමේ අරමුණින් අමාත්‍යවරයාගේ උපදෙස් අනුව අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශය මගිනි.

මෙම සමුළුවේදී ජනපති අරමුදලේ මෑතකදී කාලීන සංශෝධන පිළිබඳව,RebuildingSri Lanka වැඩසටහන සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අය වැය යටතේ හඳුනාගත් ව්‍යාපෘති දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීම යන කරුණු සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්ව දැනුවත් කිරීම සිදු ව තිබේ .

ආපදා සහන නවතීද ? ආපදා සහන නිලධාරීන් වර්ජනයේ

ආපදා සහන නවතීද ? ආපදා සහන නිලධාරීන් වර්ජනයේ

ඒ වගේම අමාත්‍ය අබයරත්න මහතා මෙහිදී තව දුරටත් සදහන් කළේ සිටියේ ඉදිරි සංවර්ධනය කටයුතු වඩාත් කඩිනම් කර ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශ ලේකම් කාර්යාලවල පවතින සේවක පුරප්පාඩු ඉතා ඉක්මණින් පියවීමට කටයුතු කරන ලෙසයි.

මීට අමතරව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදා තත්ත්වයට පත් වූ වතු නිවාසවල පදිංචිකරුවන් මුහුණපාන ගැටලුවලට විසඳුම් ලබාදීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

 

ආපදාවට ළක් වූ විශ්ව විද්‍යාල සිසුන්ට සුබ ආරංචියක්

ආපදාවට ළක් වූ විශ්ව විද්‍යාල සිසුන්ට සුබ ආරංචියක්