ප්‍රධාන පක්ෂයක් ඡන්දය වර්ජනය කරන්නැයි විශාල පත්‍රිකා ප්‍රමාණයක් බෙදා හරී..උතුර දකුණ හොල්ලන කුමන්ත්‍රණයක්.

Report

එළැඹෙන ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට ඡන්දය ප්‍රකාශ නොකොට ඡන්ද වර්ජනය කරන ලෙසට බල කරමින් උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් පත්‍රිකා පනස් දහසක් බෙදාහැර තිබෙන බව වාර්තා වනවා.

පසුගිය දින කිහිපය තුළ යාපනය, කිලිනොච්චිය, වව්නියාව, මඩකලපුව ඇතුළු උතුරු නැගෙනහිර ප්‍රදේශ රැසක මෙම පත්‍රිකා බෙදාහැර ඇති බවයි බුද්ධි අංශ වාර්තා ප්‍රකාශ කරන්නේ.

ඉදිරි පැය 24 ගැන නවතම කාලගුණ අනාවැකිය මෙන්න..මේ ප්‍රදේශ වල ජනතාව විමසිල්ලෙන් ඉන්න..

ඉදිරි පැය 24 ගැන නවතම කාලගුණ අනාවැකිය මෙන්න..මේ ප්‍රදේශ වල ජනතාව විමසිල්ලෙන් ඉන්න..


එල්ටීටීඊ හිතවාදී විදෙස්ගත දෙමළ ඩයස්පෝරාව මේ වෙනුවෙන් මූල්‍ය දායකත්වය ලබාදී ඇති බවත්, දකුණේ දේශපාලනයට එමගින් දැවැන්ත බලපෑමක් එල්ල කිරීම අරමුණ වී ඇති බවයි වාර්තා වන්නේ.

උතුරු නැගෙනහිර පළාත්වල මේ වනවිට අලුතින් සිංහල ජනාවාස ඇති කරමින් බෞද්ධකරණය කිරීමක් රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන බැවින් තම ජනතාවගේ අක්කර දහස් ගණනක ඉඩම් යටපත් කරගෙන සිටින බවත් මෙම පත්‍රිකා මගින් අවධාරණය කර ඇති බවයි පැවසෙන්නේ.

2009 යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට ස්ථිර විසඳුම් ගෙන එන බවට සෑම රජයක්ම පොරොන්දු වුවත් එකදු රජයක් හෝ එම ගැටලුවට විසඳුම් නොදුන් බවත් එමගින් පෙන්වා දී තිබේ.

ඉන්ධන සහ විදුලිය දැනෙන ගණනකින් අඩු කරන බවට දැනුම්දීමක්..කරන විදිය මෙන්න.

ඉන්ධන සහ විදුලිය දැනෙන ගණනකින් අඩු කරන බවට දැනුම්දීමක්..කරන විදිය මෙන්න.


පත්වීමට නියමිත නව ජනාධිපතිවරයාගෙන්ද ඊට විසඳුම් නොලැබෙනු ඇති බවත් අදාල පත්‍රිකාවේ සඳහන බවයි පැවසෙන්නේ.

එබැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රතික්ෂේප කිරීමෙන් දෙමළ ජනතාවගේ බලය පෙන්වා දිය හැකි බවයි, එමගින් අවධාරණය කර ඇත්තේ.

එමෙන්ම ඒකීය රාජ්‍ය ප්‍රතිපත්තියෙන් බැහැර වූ සහ සන්ධීය පාලන ක්‍රමවේදයක් ඔස්සේ උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාවට ස්වයං පාලන ව්‍යුහයක් සහිත ශ්‍රී ලංකා රජයෙන් වෙන්වූ වෙනම පාලනයක අවශ්‍යතාවද එමගින් පෙන්වා දී තිබීම ද විශේෂත්වයක්.

මිථුන,සිංහ සහ කුම්භ ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..සියලු පලාඵල විස්තර මෙතනින් දැන ගන්න.

මිථුන,සිංහ සහ කුම්භ ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..සියලු පලාඵල විස්තර මෙතනින් දැන ගන්න.


මෙම පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධයෙන් මේ වනවිට මැතිවරණ කොමසාරිස් කාර්යාලයටද පැමිණිලි ලැබී ඇති බවයි වාර්තා වන්නේ.