නියෝජ්‍ය ඇමතිට එරහිව විශ්වාසභංගයේ අරගලය - ආණ්ඩුවේ ඇතුළේම බරබරයක්

Report

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව පිළිබඳ ආණ්ඩුව තුළ බරපතළ අභ්‍යන්තර සාකච්ඡා ආරම්භ වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ ප්‍රකාශකයෙකු පවසන පරිදි, යම් විෂයක වගකීම දරන්නේ ඇමතිවරයා මිස නියෝජ්‍ය ඇමතිවරයා නොවන හෙයින්, මෙවැනි චෝදනාවක් එල්ල කිරීමට හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේදැයි සොයා බලමින් පවතී.

ඇමති වසන්ත සමරසිංහ කැබිනට්ටුවෙන් දොට්ට..

ඇමති වසන්ත සමරසිංහ කැබිනට්ටුවෙන් දොට්ට..

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ භූමිකාව ඇමතිවරයාට සහාය වීම බවද ඔහු අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය ආරම්භ වූ දින සිට මේ දක්වා නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත්, ඉන්දියාව ඇතුළු අසල්වැසි රටවලද මෙවැනි යෝජනාවක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව ඉදිරිපත් වී නොමැති බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 32 දෙනෙකුගේ අත්සනින් යුතුව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් අගෝස්තු 12 වැනිදා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට භාර දෙනු ලැබීය.

EPF සාමාජිකයින්ට විශේෂ දැනුම්දීමක් - පැමිණිලි සඳහා විශේෂ දුරකථන අංකයක්

EPF සාමාජිකයින්ට විශේෂ දැනුම්දීමක් - පැමිණිලි සඳහා විශේෂ දුරකථන අංකයක්

එම යෝජනාව හෙට (15) පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට නියමිතය. පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවන අවස්ථාවේ අරුණ ජයසේකර මහතා නැගෙනහිර යුද හමුදා ආඥාපතිවරයා ලෙස කටයුතු කළ හෙයින්, එම පරීක්‍ෂණ කටයුතුවලට බාධාවක් ඇතිවීම වැළැක්වීම සඳහා ඔහු නියෝජ්‍ය අමාත්‍ය තනතුරෙන් ඉවත් විය යුතු බව විපක්ෂයේ මන්ත්‍රීවරු යෝජනා කරති.

චාමරට තවත් නඩුවක් විල්පත්තුවේ ඉල්මනයිට් ජාවාරමට සහය දීලා

චාමරට තවත් නඩුවක් විල්පත්තුවේ ඉල්මනයිට් ජාවාරමට සහය දීලා

අද ලග්න පලාපල - 2025 අගෝස්තු 14 : අද ඔබේ ලග්නයට සුභයම සුභ දවසක්

අද ලග්න පලාපල - 2025 අගෝස්තු 14 : අද ඔබේ ලග්නයට සුභයම සුභ දවසක්