ජනපති ඉන්න පැත්ත ගැන ප්‍රසන්න කළ හෙළිදරව්ව මෙන්න. - (VIDEO)

Report

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පොහොට්ටුව නිසි වේලාවේදී නිවැරැදි තීන්දුව ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ,බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකට අද (20) දින සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින්.

එමෙන්ම එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැමවිටම නිවැරැදි තීන්දුව ගන්නා බවයි.

මෙම අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඔහුගෙන් අසා සිටියේ, ඔබතුමා කගේ පැත්තෙද ඉන්නේ? ජනාධිපතිතුමාගේ පැත්තෙද? පොහොට්ටුවේද? යන්නයි.

ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, "ජනාධිපතිතුමත් ඉන්නේ පොහොට්ටුවත් එක්කනේ. අපි කාගෙවත් පැත්ත ගන්නේ නෑ. අපි හැමෝම ඉන්නේ එක පැත්තේ." යන්නයි.