යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලංකාවට...
By Parami Dissanayake
මේ මස 16 සිට 19 දක්වා කාලය අතරතුර යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කරනු ලබන Audrey Azoulay ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව ඇය මෙරටට පැමිණීමට නියමිත බව සඳහන් ය. මෙම සංචාරයේදී අධ්‍යක්ෂජනරාල්වරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාද හමුවීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ, ශ්‍රී ලංකාව යුනෙස්කෝ සාමාජිකත්වය ලබා ගැනීමේ 75 වැනි සංවත්සරයට සමගාමීව ඇය මෙරට සංචාරය සඳහා ආරාධනා කර ඇති බවයි.