නව ආණ්ඩුවේ වගකිවයුතු නිලයන් දරන දෙදෙනෙකු අතින් වූ රාජ්‍ය තාන්ත්‍රික දෝෂ...

Sunil Handunnetti Sri Lanka China Harini Amarasuriya Iraq
By Piyumika Dec 16, 2024 07:10 AM GMT
Piyumika

Piyumika

Report

රටේ වගකිවයුතු නිලයන් දරන දෙදෙනෙකු අතින් සිදුවූ රාජ්‍යතාන්ත්‍රික දෝෂ දෙකක් ගැන ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

චීන තානාපති කි ඡෙන්හොන්ග් ඉදිරිපිටදීම අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය , චීනයේ සතුරෙකු වන තායිවානයට "අති උදාර පරිත්‍යාගයක්" සඳහා ස්තූතිය පළ කර ඇත්තේ චීන මහජන ජනරජය වෙනුවට චීන ජනරජය යයි නම් කරමිනි.

එක් වචනයක අඩුවක් නිසා චීනය හා තායිවානය වෙනස්වේ. චීන මහජන ජනරජය (PRC) තම "එක් චීන" ප්‍රතිපත්තිය යටතේ තායිවානය චීනයේ පළාතක් ලෙස සලකයි. PRC හි ස්ථාවරය වන්නේ "චීනය" යන නම යටතේ එක් ස්වෛරී රාජ්‍යයක් පමණක් ඇති බවයි.

වාසනාව අතේ අරන් යන කොට වෙලා තියන දෙයක් බලන්නකෝ..

වාසනාව අතේ අරන් යන කොට වෙලා තියන දෙයක් බලන්නකෝ..

තායිවානය, නිල වශයෙන් චීන ජනරජය (ROC) ලෙස හැඳින්වෙන අතර, එය de facto ස්වාධීන රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක වේ:

එහි ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාපත් කරන ලද ආණ්ඩුවක් හමුදාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මුදල් ඒකකයක් (නව තායිවාන ඩොලරය) විදේශ සබඳතා ගමන් බලපත්‍ර ක්‍රමයක් පවතී නම් වැරදීමේ සිදුවීම වූයේ චීන මහජන ජනරජය විසින් ශ්‍රී ලංකාවට පාසල් දරුවන් සඳහා ඇඳුම් ද්‍රව්‍ය භාර දීමේ අවස්ථාවේදීය.

අගමැතිනිය ස්තූතිය පළ කළේ 'චීන ජනරජයට' (ROC) - එනම් තායිවානයේ නිල නාමයටයි. තායිවානයේ ජාත්‍යන්තර තත්ත්වය සංකීර්ණය. රටවල් කිහිපයක් පමණක් තායිවානය ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගනී.

බොහෝ රටවල් PRC නිල වශයෙන් පිළිගනිමින් තායිවානය සමඟ අනිල සබඳතා පවත්වාගෙන යයි. තායිවානය ඔලිම්පික් තරගවලදී "චයිනීස් තායිපේ" වැනි විවිධ නම් යටතේ සහභාගී වේ.

කොළඹ වරායේ පැවති උත්සවයට අගමැතිනියගේ පැමිණීමද ප්‍රමාද වූ බවද සන්ඩේ ටයිම්ස් වාර්තාවේ දැක්වේ.

හිටපු ජනපති මෛත්‍රීපාල හා නිමල් සිරිපාල අතර ශ්‍රීලනිපේ සභාපති සටන අහවරයි..මෛත්‍රීපාලගෙන් ආයේ කරදරයක් නෑලූ..

හිටපු ජනපති මෛත්‍රීපාල හා නිමල් සිරිපාල අතර ශ්‍රීලනිපේ සභාපති සටන අහවරයි..මෛත්‍රීපාලගෙන් ආයේ කරදරයක් නෑලූ..

චීන තානාපතිවරයා ඇය පැමිණෙන තෙක් බලා ඉවසාගත නොහැකිව තානාපතිවරයා නැවත තම කාර්යාලයට පිටත්ව ගිය බවත් පැයකට පමණ පසු අගමැතිනිය පැමිණි විට ඔහු නැවත පැමිණි බවත් වාර්තා කර තිබේ.

දෙවැනි සිදුවීම සඳුදා දින ඉරාකයේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා වසර 100ක් සැමරීම සඳහා කොළඹ තරුපහේ හෝටලයක උත්සවයක් ගැනය.

ඉරාක තානාපති කාර්යාලය පවත්වනු ලැබූ මෙයට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාට ඇරයුම් කළ නමුත් ඔහු පැමිණියේ නැති බවත් ඔහු වෙනුවට වෙනත් කිසිවෙකු පත් කර නොතිබූ බවත් වාර්තා කර තිබේ.

අමාත්‍ය හඳුන්නෙත්ති මහතාගේ කාර්යාලය හෝ විදේශ අමාත්‍යාංශය උත්සවයට සහභාගී විය නොහැකි බව ඉරාක තානාපති කාර්යාලයට දැනුම් දී නොතිබූ බවද පැවසේ. 

You may like this video

ReeCha