හිටපු ජනපති මෛත්‍රීපාල හා නිමල් සිරිපාල අතර ශ්‍රීලනිපේ සභාපති සටන අහවරයි..මෛත්‍රීපාලගෙන් ආයේ කරදරයක් නෑලූ..

Report

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් අද (16) අභියාචනාධිකරණය හමුවේ සමථයකට පත් කෙරුණා.

ආචාර්ය පට්ටම නිසා අධිකරණ ඇමති CIDයට..(VIDEO)

ආචාර්ය පට්ටම නිසා අධිකරණ ඇමති CIDයට..(VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. එම පෙත්සම තුළින් චෝදනා කර තිබුණේ මෛත්‍රිපාල සිරිසේන හට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී ඔහු එම ධුරයේ කටයුතු කිරීම හරහා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවයි.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා එම අවස්ථාවේදී වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් නොවන බවටත්, වත්මන් සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ ලේකම්වරයා සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බවත් දන්වා සිටියා.

ප්‍රවීණ සංගීතඥයකු අභාවප්‍රාප්ත වෙයි..

ප්‍රවීණ සංගීතඥයකු අභාවප්‍රාප්ත වෙයි..

එම කරුණු මත මෙම පෙත්සම සමථයකට පත් කිරීමට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

එම දැනුම්දීම සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බවත් එම කරුණු මත පෙත්සම සමථයකට පත් කිරීමට එකඟ වන බවත්, පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥ ශාන්ත ජයවර්ධන අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව අදාල පෙත්සම සමථයකට පත්කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් නිෂ්ප්‍රභ කිරීමටද තීන්දු කළා.

You may like this video