ශ්‍රී ලාංකික සුන්දර යුවතියක් ජාත්‍යන්තරයට යයි..ඇයට ආසියාවේ හිමි වූ ප්‍රබල තැන මෙන්න.(PHOTOS)

Cinema Lead Gossip Today SL Actress Gossips England
By Aruna May 18, 2024 04:09 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවා ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ "30 අන්ඩර් 30 ඒෂියා" ලැයිස්තුවට ඇතුළුවීමට සමත් වී තිබෙන බව වාර්තා වනවා.

කාණ්ඩ 10ක් යටතේ මෙම ලැයිස්තුවට පුද්ගලයන් තෝරාගෙන ඇති අතර රසවින්දන සහ ක්‍රීඩා අංශයෙන් ඇය මෙම ලැයිස්තුවට ඇතුලත් කර තිබීම විශේෂත්වයක්.

2018 වසරේදී ඇයගේම චිත්‍රපටයක් වන මාලා ඔස්සේ ඩිනාරා පුංචිහේවා චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසියේ ය.

මාලා චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙලකදී ප්‍රදර්ශනයවීමත් සමග චිත්‍රපට නිෂ්පාදක ප්‍රසන්න විතානගේ අවධානය එම චිත්‍රපටය සඳහා යොමු වී ඇති අතර එහි දැක්වු කුසලතාවය හේතුවෙන් ගාඩි චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දීමට ඩිනාරාට අවස්ථාව හිමිව ඇති බව ද වාර්තා වේ.

ජුනි 04 වන දා සිට පාසල් යන විදිය ගැන දැනුම් දීමක්..හැමෝම මේ ගැන දැනුවත් වන්න.(Update)

ජුනි 04 වන දා සිට පාසල් යන විදිය ගැන දැනුම් දීමක්..හැමෝම මේ ගැන දැනුවත් වන්න.(Update)


ඇය ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියක් වන අතර අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් නාට්‍ය හා රංගනයට අවතීර්ණ වීමට අවස්ථාව ලබා දෙන පුංචි ඇක්ටර්ස් නම් ලාභ නොලබන ආයතනයේ නිර්මාතෘවරිය ද වන බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මෙම ලැයිස්තුවට ආසියා පැසිෆික් කාලාපයේ වෙනසක් ඇතිකළ ව්‍යවසායකයන්, නායකයන් සහ විවිධ ක්ෂේත්‍රවල පුරෝගාමීන් 300 දෙනෙකු ඇතුලත් වී ඇති අතර ඒ සියලු දෙනාම වයස අවුරුදු 30ට අඩුවීම ද විශේෂත්වයක් වනවා.

GalleryGalleryGalleryGalleryGallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%