ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්ගෙන් ශතක ද්විත්වයක්..

Report

අද (26), අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ තුන්වන දිනයේ ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් විසින් ශතක දෙකක් වාර්තා කළේ ය.

ඒ නායක දිමුත් කරුණාරත්න සහ නිශාන් මධුෂ්ක යන ක්‍රීඩකයන් විසින් ය.

එහිදී නායක දිමුත් කරුණාරත්න ලකුණු 115ක් රැස් කළේ හතරේ පහර 15ක් ද සමගින් වන අතර නිශාන් මධුෂ්ක ලකුණු 104ක් වාර්තා කළ අතර ඊට හයේ පහර 1ක් සහ හතරේ පහර 14ක් ඇතුළත් විය 

කෙසේවෙතත්, ඔහු තවමත් නොදැවී සිටින අතර මේ වනවිට තරගය දිවා ආහාරය සඳහා නතර කෙරිණී.

නිෂාන්ගේ මංගල ටෙස්ට් ශතකය මෙය වන අතර දිමුත්ගේ 16වන ටෙස්ට් ශතකය මෙය වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join