කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පත් කෙරේ

By Mithu Oct 13, 2026 09:03 AM GMT
Report

කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) නිලධාරිනි දිල්කි වත්සලා මාරඹගේ මහත්මිය පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මීට පෙර 2026 ජනවාරි 26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඇය පූර්ණ කාලීනව වැඩ බැලීමේ පදනම මත මෙම තනතුරට පත් කිරීමට අනුමැතිය ලබා දී තිබුණි.

නාමල් රාජපක්ෂ නැවත රිමාන්ඩ්

නාමල් රාජපක්ෂ නැවත රිමාන්ඩ්

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2026 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි දිල්කි වත්සලා මාරඹගේ මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට උසස් කරනු ලැබ ඇත.

ඒ අනුව, ඇයව කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට ස්ථිර පදනමින් පත් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත.

පාසල් ළමයි ලක්ෂ 15කට කැබිනට් මණ්ඩලයෙන් රුපියල් 6,000ක සහනයක් - එක පාරටම බැංකුවට වැටෙන හැටි මෙන්න

පාසල් ළමයි ලක්ෂ 15කට කැබිනට් මණ්ඩලයෙන් රුපියල් 6,000ක සහනයක් - එක පාරටම බැංකුවට වැටෙන හැටි මෙන්න