පාසල් ළමයි ලක්ෂ 15කට කැබිනට් මණ්ඩලයෙන් රුපියල් 6,000ක සහනයක් - එක පාරටම බැංකුවට වැටෙන හැටි මෙන්න

Report

2027 පාසල් වර්ෂය සඳහා පාසල් දරුවන් ලක්ෂ 15කට රුපියල් 6,000 බැගින් ලිපිද්‍රව්‍ය දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත

ඒ අනුව, අස්වැසුම වැඩසටහනට ඇතුළත් පවුල්වල පාසල් දරුවන් ලක්ෂ 10කට අදාළ මුදල බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කිරීමට නියමිතය.

තවද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් හඳුනාගත් තවත් දරුවන් ලක්ෂ 5කට රුපියල් 6,000ක් වටිනා වවුචර්පත් ලබාදීමට ද සැලසුම් කර ඇත

පාසල් ලිපිද්‍රව්‍ය දීමනා වැඩසටහන 2025 වසරේ සිට ක්‍රියාත්මක වන අතර, 2027 වසර සඳහා අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබේ.

රාජ්‍ය සේවයට එන මේ අයට විශේෂ වැටුප් තලයක් සමඟ පඩි වැඩිකිරීමක්

රාජ්‍ය සේවයට එන මේ අයට විශේෂ වැටුප් තලයක් සමඟ පඩි වැඩිකිරීමක්