එයාලා හිරේ ගියේ තමන්ගේ ගෙදරට කැරම් බෝඩ් අරන් ගිහින් නෙමෙයි – දිලිත්

Report

හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය බන්ධනාගාරගත වීම සිදුව ඇත්තේ ඔවුන් කැරම් බෝඩ් ජනතාවට බෙදාදීමට යාම නිසා පමණක් බව සර්ව ජන බලය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ, එම කැරම් බෝඩ් ගෙදර ගෙන යාමක් හෝ පුද්ගලිකව භාවිතයට ගෙන යාමක් නොව, මහජනතාවට බෙදාදීමක් ලෙස සිදුවූ ක‍්‍රියාවක් බවය.

කොවිඩ් රෝගීන් 3000 දක්වා ඉහළට.. 4 දෙනෙක් මියයයි

කොවිඩ් රෝගීන් 3000 දක්වා ඉහළට.. 4 දෙනෙක් මියයයි

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා අවධාරණය කළේ, ජාතික ජන බලවේගය විසින් මැතිවරණයට පෙර ඉදිරිපත් කළ “හොරු ඇල්ලීමේ ආඛ්‍යානය” මෙවැනි සිදුවීම් මඟින් ඉටු නොවන බවයි.

“දැන් සමස්තයක් හැටියට ගත්තම දඬුවම් දීම හොඳයි, නමුත් මේ හොරු ඇල්ලීම මගින් ජනතාවට යමක් ලැබිය යුතුයි. ඉතින් සමස්තයක් හැටියට මේ හොරු අල්ලලා ජනතාව බලාපොරොත්තු වුණේ තමන්ගේ ඡන්දයෙන් හොරුන් විසින් හොරකම් කරන ලද ධනය නැවත ලබාගෙන මේ රටට සුඛිත මුදිත තත්ත්වයක් ඇති කරන්න පුළුවන් කියලා ජනතාව අහිංසකව අපේක්ෂා කළා.

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

එතකොට කැරම් බෝඩ් ටික ජනතාවට බෙදා දීලා, දාම් බෝඩ් ටික ජනතාවට බෙදා දීලා තියෙන තත්ත්වයක් තුළ දෙවන අභිලාශය ඉෂ්ට වෙන්නේ නැහැ. මොකද මේ දෙන්නා ඇතුළට ගිහින් තියෙන්නේ කැරම් බෝඩ් අරගෙන ජනතාවට බෙදා දීලා මිසක් ගෙදර අරන් ගිහිල්ලා නෙමේනේ.

ඔවුන් කියපු හොරු අල්ලන ආඛ්‍යානය මෙතන ඒ විදියට ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක නිසා මම හිතනවා අර කියපු ලොකු අර හොරු ටික අල්ලලා, ඒ ගොල්ලෝ එක්ක ඩීල් තියෙනවා නම් මන් හිතන්නේ ඒක වෙන්නේ නැති වෙයි. ලොකු හොරු කීප දෙනෙක් ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නවා අල්ලලා කුදලාගෙන ඇවිල්ලා සොරාගත් ධනය ලබාගෙන ඒක ජාතික ධනයට එකතු කරලා මේ මිනිස්සුන්ගේ ජීවන මට්ටම ඉහළ ට දායි කියලා.

බලු කතා අහපු ඒවා ඇති.. ලක්ෂ 10ක් වුවද දෙන්න මම ලෑස්ති.. දයාසිරිට මල පනී

බලු කතා අහපු ඒවා ඇති.. ලක්ෂ 10ක් වුවද දෙන්න මම ලෑස්ති.. දයාසිරිට මල පනී

ජනතාව බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ හොරු ටික අල්ලනකම්, විශාල හොරු ටිකක් ඉන්නවනේ අන්න ඒ හොරු අල්ලනකම් තමයි ඉන්නේ. හැබැයි මෙහෙම වෙල්ඩින් කරලා මේක බේරගන්න බැරි වෙයි කියලා මම හිතන්නේ. මොකද ඔවුන්ගේ ප්‍රධාන ආඛ්‍යානය වුණේ ඡන්දය පුරාම හොරු ඇල්ලීම, දැන් හොරු අල්ලන්න ඕන, හැබැයි හොරු අල්ලනවා නම් ජනතාව රවට්ටන්න බැහැ. ජනතාව බලාපොරොත්තු වෙනවා සැබෑ හොරු ටික අල්ලනකම්, අල්ලලා ධනය ගේන්නත් ඕන නිකම් බෑ.”

ලංකාවේ රෝහල් රැසකින් නව කොවිඩ් රෝගීන් හමුවේ..

ලංකාවේ රෝහල් රැසකින් නව කොවිඩ් රෝගීන් හමුවේ..