සජිත්ට විශ්‍රාම ගන්න කියලා.. සුබත් පතලා.. මේ මොකක්ද වුණේ?..

Report

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයෙන් විශ්‍රාම ගතයුතු කාලය එළැඹ ඇති බව සර්වජන බලය නායක ව්‍යවසායක දිලිත් ජයවීර කියා සිටියේ ය.

ඔහු මේ බව සඳහන් කළේ අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

ශිෂ්ණයට නයි මිරිස් තලලා දිය කරලා ගහලා.. අදහගන්නත් බැරි ඒ සිද්ධියට.. දුන්න නියෝගය මෙන්න..

ශිෂ්ණයට නයි මිරිස් තලලා දිය කරලා ගහලා.. අදහගන්නත් බැරි ඒ සිද්ධියට.. දුන්න නියෝගය මෙන්න..


ඒ අනුව දිලිත් ජයවීර කියා සිටියේ මෙවැන්නකී,

"දිවයිනේ දිස්ත්‍රික්ක 22ටම ඉතාම සාර්ථකව නාම යෝජනා භාරදීමට පුළුවන් වුණා. අපේ මැතිවරණ ව්‍යාපාරය දැන් අපි ආරම්භ කරලා තියෙනවා. මේ රටේ විවිධ දේශපාලනඥයින් මැත කාලයේදී අනුගමනය කළ ආත්මාර්ථකාමී දේශපාලන ප්‍රතිපත්ති සහ වැඩපිළි‍වෙළ නිසා යම් කිසි හානියකට පත්වන්න සිදු වුණේ ප්‍රාදේශීය දේශපාලනඥයින්ට.

එය බොහෝ විට ඒ දේශපාලන පක්ෂවල නායකයින් විසින් හැසිරෙණ විදිහ, ඔවුන්ගේ දූෂිත ගණුදෙනු මේ සියල්ල හේතුවුණා. එය නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ගය අපි ආරම්භ කළා.

දිවයින පුරාම ද?. පාසල් වලට නිවාඩු ලබා දීම ගැන.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..

දිවයින පුරාම ද?. පාසල් වලට නිවාඩු ලබා දීම ගැන.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..


එහි ප්‍රතිඵලයක් ලෙස අපිට පුළුවන් වුණා හැම දිස්ත්‍රික්කයකම වාගේ ජනතා නියෝජනයක් ඇති නායකයින් අපහා එකතු කරගන්න..

ප්‍රශ්නය - දැන් ඔබතුමා විපක්ෂ නායක වෙන්නද හදන්නේ? එතකොට සජිත්ට මොකද වෙන්නේ?

"එතුමා දැන් විපක්ෂ නායක ධුරයෙන් විශ්‍රාම ගතයුතු කාලය එළැඹ තිබෙනවා මම හිතන්නේ. ඒක ඔහුගේ පක්ෂය ඇතුළෙත් විශ්වාසකරන තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා.

පුදුම හිතෙන වෙනස්කම් රැසක් වෙනකොට, ඩොලරයටත් වුණ දෙය මෙන්න..(PHOTO)

පුදුම හිතෙන වෙනස්කම් රැසක් වෙනකොට, ඩොලරයටත් වුණ දෙය මෙන්න..(PHOTO)


ඉතින් එතුමාට සුබ පතනවා ඒ විශ්‍රාම දිවිය හොඳින් ගතකරන්න පුළුවන් වේවා කියලා. එතකොට මේ රටට ප්‍රබුද්ධ විපක්ෂයක් අවශ්‍යයයි කියලා ජනතාව විශ්වාසකරන බව අපේ හැගීම.

ඒ ප්‍රබුද්ධ හා අභීත විපක්ෂය අපේ සර්වජන බලය කේන්ද්‍රීය එඩිතර විපක්ෂයක් නිර්මාණය කිරීම අපේ අරමුණ.."