ලංකාවේ UNHRC නියෝජිත කණ්ඩායමේ ක්‍රියාකලාපය ගැන දිලිත් කම්පාවෙන්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම මෙරට විදේශ ප්‍රතිපත්තිය විනාශකාරී අන්දමින් ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳව තමන් දැඩි කම්පාවට පත්වන බව සර්ව ජනබලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මඟින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ යෝජනා සම්මතය පිළිබඳ දිලිත් ජයවීර මහතා තම X ගිණුමේ සටහනක් තබා ඇත.
එහි මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට බැඳී සිටින ඔවුන් මිලියන 22ක් වූ ජනතාවට ඒ පිළිබඳ වහා සැපයිය යුතු අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තහවුරු නොකළ චෝදනා මත පදනම් වූ යෝජනාවට පක්ෂව මිතුරු රටවල් පවා අදහස් දැක්වීම කම්පනයට පත්වන පාවාදීමක් බව ද සඳහන් කර තිබෙනවා.
එසේම ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ අපේ ජාතියේ ප්‍රමුඛතාවන් හෑල්ලුවට ලක්වීම වත්මන් රජයේ දුර්වලතාව හා අසමත්භාවය ප්‍රදර්ශනය කිරීමක් බවයි.