අගෝස්තු මාසේ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අර්බුදයක් - ලොක්කෙක්ගෙන් බල කරලා සටහනක්
සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා නිවේදනයක් නිකුත් කර ඇත. ඒ මෙවර උසස් පෙළ විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසු දරුවන්ට විභාගය සඳහා මුහුණ දීමට ඇති කාල සීමාව අඩු වීම සම්බන්ධවයි.
ඒ අනුව ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධව රජය විසින් උසස් පෙළ දරුවන් වෙනුවෙන් කිසිදු සංවේදීතාවයක් නොමැතිව කල් මැරීම පිළිබඳව තමන් දැඩි ලෙස කම්පා වන බවයි.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ සාමාන්‍යයෙන් උසස් පෙළ දරු දැරියන්ට විභාගට මුහුණ දීමට මාස 26 කාලයක් හිමි විය යුතු බවයි. එසේ වුවත් වත්මන් රජය මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ගේ කාලයෙන් මාස 6ක් උදුරා ගනිමින් අගෝස්තු මාසයේදී උසස් පෙළ විභාගය පැවැත්වීමට තීරණය කර ඇති බව ඔහු සඳහන් කරයි.
එල් - නිනෝ ඇරඹෙයි - ලංකාවට වෙන්න යන විනාසය ගැනත් දිවයිනටම දැනුම්දෙයි - ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වෙන්නේ මේකයි
එබැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර මෙම සිසු දරු දැරියන්ට සාධාරණය ඉටු කර දෙන ලෙසට සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතා අඳාළ සටහනෙන් දක්වයි.
කෙසේ වෙතත් මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වන දින සිට සැප්තැම්බර් 05 වන දින දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
අඳාළ X පණිවිඩය පහතින්,
"අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ රජය විසින් අ.පො.ස උසස් පෙළ දරුවන් පිළිබඳ කිසිඳු සංවේදිතාවයක් නොමැතිව කල් මැරීම පිළිබඳව දැඩිව කම්පා වෙමි. සාමාන්‍යයෙන් උසස් පෙළ ශිෂ්‍යයෙකුට සිය විෂය නිර්දේශය අවසන් කරමින්, විභාගයට සුදානම් වීම සඳහා මාස 26 ක පමණ කාලයක් හිමි විය යුතුය. නමුත් මාලිමා රජය විසින් 2026 උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ගේ කාලයෙන් මාස හයක් උදුරාගෙන අගෝස්තු මාසයේ උසස් පෙළ විභාගය පැවැත්වීමට තීරණය කර තිබේ. මේ දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ද සිය අධ්‍යාපන කටයුතු අඩාල වූ දරු පරම්පරාවකි. එම නිසා රජය විසින් මේ දරඳඬු සහ අමනෝඥ තීරණය වහා හකුලා ගනිමින්, 2026 උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසු දරුවන්ට සාධාරණය ඉටු කරන ලෙසට බල කරමි."
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ රජය විසින් අ.පො.ස උසස් පෙළ දරුවන් පිළිබඳ කිසිඳු සංවේදිතාවයක් නොමැතිව කල් මැරීම පිළිබඳව දැඩිව කම්පා වෙමි.
— Dilith Jayaweera (@Dilith_J) June 12, 2026
සාමාන්‍යයෙන් උසස් පෙළ ශිෂ්‍යයෙකුට සිය විෂය නිර්දේශය අවසන් කරමින්, විභාගයට සුදානම් වීම සඳහා මාස 26 ක පමණ කාලයක් හිමි විය යුතුය.
නමුත් මාලිමා…