ජනසවිය,සමෘද්ධිය,අස්වැසුම සහනාධාර නවතා දැමීමට සැලසුමක් ?..

By Piyumika Sep 17, 2024 05:05 AM GMT
Report

මෙතෙක් මෙරට ජනතාවට හිමිවූ සහනාධාර ක්‍රමය වෙනුවට "හිතේ හයිය" ලෙසින් නව වැඩපිළිවෙලක් සැලසුම් කර ඇති බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

පළ කරලා සැනෙකින් ඉවත් කරගත්ත මොකක්ද මේ ජනපති හා ජනාධිපති අපේක්‍ෂක ඝතන සැලසුම ගැන පණිවිඩය ..

පළ කරලා සැනෙකින් ඉවත් කරගත්ත මොකක්ද මේ ජනපති හා ජනාධිපති අපේක්‍ෂක ඝතන සැලසුම ගැන පණිවිඩය ..

මොනරාගල ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මේ බව සඳහන් කළේය.

"හැමදාම ඔබව රවට්ටාගෙන හිටපු සහනාධාර අටමඟලේ එකපාරක් ආවා ජනසවිය පියාණෝගේ. ඊට පස්සේ ආවා සමෘද්ධිය. ඊට පස්සේ ආවා ඇස්වැසුම. දැන් ඔබේ ඇස් වැසිලා නෑ. අපි ඉදිරිපත් කළා හිතේ හයිය වැඩසටහන. හිතේ හයිය වැඩසටහන කියන්නේ සමෘද්ධි පවුලක් කියලා, ඔබ යාචකෙයක් බවට පත්කරපු, ඔබට දේශපාලනඥයාගේ පස්සෙන් යන්නට පාර කපපු ඒ වැඩසටහන අවසන් කරලා, ඔබගේ නිවසේ අවම ආදායම ලක්ෂයක් විය යුතුයි. ලක්ෂයක් ලබාදෙනවා කියලත් අනිවාර්යයෙන් ම අපි සඳහන් කරනවා. ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් දින වකවානුත් මෙහි සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ සමෘද්ධි නිලධාරීන්ව බබලවන්න වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා. ඔවුන්ගේ ආදායමත් දෙගුණ තෙගුණ වන වැඩපිළිවෙලක් අපි ගෙන එනවා. කරන්නට තියෙන්නේ එක දෙයයි. ලැබෙනවා පැන්සලයි, කොළයයි. 10 වෙනියට තියෙනවා මගේ නම. හිමින් ගහන්න කතිරය. ඔබ සියලුදෙනාටම ජයවෙන දවසක් උදාවෙනවා. තරුවක් පායනවා මේ අහසේ. ඔබ තරුවක් වීම සඳහා ගහන්න කතිරය තරුව ඉදිරියෙන්."