ළිදක් කපනවා කියලා කරන්න ගිහින් තියෙන්නේ වෙන දෙයක්...වැඩේට කාන්තාවකුත් හවුල්

Report

නිධානයක් ගොඩ දැමීමට උත්සාහ කළ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාදම්පේ පොලීසිය ප්‍රකාශ කළේ කාන්තාවක් ඇතුළු 05 දෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඇමසන් වනාන්තරයෙන් ඇහෙන අලුත්ම ආරංචිය

ඇමසන් වනාන්තරයෙන් ඇහෙන අලුත්ම ආරංචිය

අඳාල පිරිස විසින් නිධානය ගොඩ දැමීමට උත්සාහ කර ඇත්තේ ළිදක් කපන මුවාවෙන් බව ද එහි දී වාර්තා වුණා.

අත්අඩංගුවට ගත් පිරිසේ කැනීම් කටයුතු සිදු කළ ඉඩමේ හිමිකාරීනිය, මන්ත්‍රාචාර්යවරයෙක්, ඔහුගේ සහායකයෙක්, බැකෝ යන්ත්‍ර ක්‍රියාතරුවෙක් සහ ට්‍රැක්ටර් රථ රියදුරෙකු ද ඇතුළත් බව සඳහන්.

එසේම මෙම සැකකරුවන් සහ සැකකාරිය ජා ඇල - ඒකල සහ මාදම්පේ - මනක්කුලම පදිංචිකරුවන් බවට ද තොරතුරු වාර්තා වේ.

බැංකු ගිණුම් විවෘත කරන්නන්ට විශේෂ දැනුම්දීමක්

බැංකු ගිණුම් විවෘත කරන්නන්ට විශේෂ දැනුම්දීමක්

ඒ අනුව මාදම්පේ - මනක්කුලම ප්‍රදේශයේදී ඊයේ (19) දින සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.