බහුතරය ගන්න දිගම්බරම්ගේ සහයත් මාලිමාවටද..?

Report

පළාත් පාලන මැතිවරණයේදි පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමට කිසිවෙකුටත් තනි බලයක් නොලැබී ඇති බවත්, දමිළ ප්‍රගතිශීලි සංධානයේ සහයෝගය ලංකා කම්කරු කොංග්‍රසයට හෝ ජාතික ජන බලවේගයට ලබා දෙන්නේද යන්න පිළිබදව (16) දින ප්‍රකාශයට පත් කරන බව දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. පලනි දිගම්බරම් මහතා පැවසීය.

මම ජර්මනියට ආවේ එල්.ටී.ටී.ඊ ප්‍රබලයෙක් හමුවෙන්නලු.. කතා හදපු අයට ලුණු ඇඹුල් ඇතුව ජනපති දෙසයි

මම ජර්මනියට ආවේ එල්.ටී.ටී.ඊ ප්‍රබලයෙක් හමුවෙන්නලු.. කතා හදපු අයට ලුණු ඇඹුල් ඇතුව ජනපති දෙසයි

පලනි දිගම්බරම් මහතා ඒ බැව් (15) දින කියා සිටියේ ඔහු නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ විධායක සභා රැස්වීම (15) දින හැටන් පෞද්ගලික උත්සව ශාලාවක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පලනි දිගම්බරම් මහතා කියා සිටියේ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීම සම්බන්ධයෙන් කිසිදු දේශපාලන පක්ෂයක් සමග තවමත් සාකච්ඡා කර නොමැති බවයි.

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?

පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ කිහිපයකම තම සංධානයට සාකච්ඡා කිරිමට ආරාධනා ලැබී තිබුණත්, එම දේශපාලන පක්ෂ කිසිවෙකුටත් තමන් සාකච්ඡා නොකල බවත්, තමන් දමිළ ප්‍රගතිශීලි සංධානය ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමට සහයෝගය නොදක්වා විපක්ෂයේ සිටිමට අදහසක් ඇති බවද පලනි දිගම්බරම් මහතා පැවසීය.

උදය ගම්මන්පිල අත්අඩංගුවට...? (VIDEO)

උදය ගම්මන්පිල අත්අඩංගුවට...? (VIDEO)

කම්කරු ජාතික පෙරමුණේ සහ කම්කරු ජාතික සංගමයේ විධායක සභාවේ නිළතල කිහිපයක් (15) දින අලුතින් පත් කල බවත්, ඒ අනුව කම්කරු ජාතික පෙරමුණේ සහ කම්කරු ජාතික සංගමයේ ලේකම් වශයෙන් කණපති නගුලේෂ්, භාණ්ඩාගාරික වශයෙන් ශාන් ප්‍රභා, ප්‍රචාරක ලේකම් වශයෙන් ඒ. කල්‍යාණ කුමාර් යන අය පත්කල බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.