දේශබන්දු අද දෙවන වරටත් පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුවට
වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (28) දෙවන වරට පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතය. ඔහු මීට පෙර මෙම කමිටුව හමුවේ පළමු වරට පෙනී සිටියේ පසුගිය 19 වැනිදාය.
දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව එල්ල වී ඇති විෂමාචාර සහ ඔහුගේ ධුරයේ බලතල බරපතල ලෙස අනිසි ලෙස යොදා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා මෙම පරීක්ෂණ කමිටුව පසුගියදා පත් කරනු ලැබිණි.
කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා කටයුතු කරන අතර, විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල මහතා සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක මහතා එහි සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරති.