යළි ලොක් ඩවුන්.. කටුනායක ගුවන්තොටුපළ අවධානයෙන් - ඇමති කියන කතාව [VIDEO]
ලොව පුරා බොහෝ රටවල නැවත පැතිර යන නව කොවිඩ් වෛරසය පිළිබඳව මේ වන විට අවධානය යොමු වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඊයේ(27) කැබිනට් තීරණ නිවේදනය කිරීමේ මාධ්‍ය හමුවකට සහභාගී වූ අමාත්‍යවරයා, රටේ තත්වය තවමත් භයානක නොවූවත්, ගුවන්තොටුපළ ප්‍රදේශයේ මැදිහත්වීම් දැනටමත් සිදුවෙමින් පවතින බව පැවසීය.
"සිංගප්පූරුවේ සහ ඉන්දියාවේ සමහර සංඛ්‍යා වාර්තා වී ඇත. අපි එය සමීපව නිරීක්ෂණය කරමින් සිටිමු. අතීතයේ සිදු වූ ආකාරයේ ව්‍යසනයක් පිළිබඳව තවමත් තොරතුරු නොමැත. නමුත් ගුවන්තොටුපළෙන්ම මැදිහත්වීම් දැනටමත් සිදුවෙමින් පවතී." ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවට ආසන්නතම රට වන ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදනයෙන් ආසාදිත රෝගීන් 1,009 දෙනෙකු වාර්තා වී ඇති බවත්, රෝගයෙන් පුද්ගලයින් 4 දෙනෙකු මිය ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය මෑතකදී වාර්තා කළේය.