දේශබන්දු තනි වෙයි- දවස් 5කට පොත් 5ක් කියවා අවසන්ලු!

Report

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින, වැඩ තහනමකට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වන විට රඳවා තබා ඇත්තේ දුම්බර බන්ධනාගාරයේ කේ වාට්ටුවේ ඉහළ මහලේ තනි සිර මැදිරියක බව වාර්තා වේ.

ඔහුගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් ඔහුව තනිව රඳවා තබා ඇති බවත් පැවසේ.

සජබ මන්ත්‍රී කාවින්ද රනිල් එක්ක ඩීල් ද? - වහාම සජබෙන් පන්නන්නලු!

සජබ මන්ත්‍රී කාවින්ද රනිල් එක්ක ඩීල් ද? - වහාම සජබෙන් පන්නන්නලු!

කෙසේ වුවද, ඔහු සිටින K වාට්ටුවේ ඉහළ මහලේ සිරකුටිවල ඔහු හැර වෙනත් කිසිදු රැඳවියෙකු නොමැති බව ද සඳහන් වේ.

දුම්බර බන්ධනාගාරය තුළ බන්ධනාගාර නිලධාරීන් අතර බහුතරයක් කතාබහට ලක්ව ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනත් ප්‍රභූ සිරකරුවන් මෙන් කිසිදු බලවත්කමක් හෝ කරදරයක් නොපෙන්වන බවයි.

ගත වූ දින පහ තුළ ඔහු තම සිර මැදිරියේ තනිව සිටිමින් කාලය ගත කර ඇති අතර, ඔහුගේ දෙවන ඉල්ලීමකට අනුව ඔහුට බන්ධනාගාර පුස්තකාලය භාවිත කිරීමට අවස්ථාව හිමි වී ඇත. ඒ අනුව, ඔහු බන්ධනාගාරගතව සිටි දින 5 තුළ පොත් 5ක් කියවා අවසන් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. 

යුද අපරාධ, ඩයස්පෝරා කුමන්ත්‍රණ සහ රාජපක්ෂලාගේ කිඹුල් කඳුළු!

යුද අපරාධ, ඩයස්පෝරා කුමන්ත්‍රණ සහ රාජපක්ෂලාගේ කිඹුල් කඳුළු!