දැඩි ආරක්ෂාව මැද දේශබන්දු අද උසාවියට

Report

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අනිවාර්ය රාජකාරි නිවාඩු යවා සිටින අතර, ඔහුව අද (03) නැවතත් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වාර්තාවලට අනුව, අද පස්වරු 1ට ඔහුව අධිකරණය වෙත රැගෙන ඒමට සැලසුම් කර තිබෙනවා.

මේ වන විට දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින තෙන්නකෝන් මහතා, විශේෂ ආරක්ෂාව යටතේ මාතර අධිකරණය වෙත රැගෙන යමින් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

වඳින්නයි දේවාලේ ගියේ...සැමියා ගසක බැඳ බිරිඳව සමුහ දූෂණය කරයි.

වඳින්නයි දේවාලේ ගියේ...සැමියා ගසක බැඳ බිරිඳව සමුහ දූෂණය කරයි.

ඔහුගේ ආරක්ෂාව සඳහා ගිනිඅවි සහිත බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ද යොදවා ඇති බව වැඩිදුරටත් පැවසුවා.

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ඉකුත් 20 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා

2023 වසරේ වැලිගම W15 හෝටලය ආසන්නයේ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ අතර, දින 20ක් සැඟවී සිටි ඔහු ඉකුත් 19 වනදා මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාර වුණා.

මෝදිගේ සංචාරය නිසා කොළඹට කරන්න හදන අලුත් වැඩේ (VIDEO)

මෝදිගේ සංචාරය නිසා කොළඹට කරන්න හදන අලුත් වැඩේ (VIDEO)

මේ අතර, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව ලබන 8 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

පාර්ලිමේන්තු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (02) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව දැනුම් දුන්නා.