පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් සුබ පණිවිඩයක්

By R.rishma Apr 19, 2026 11:39 AM GMT
Report

තාවකාලිකව අත්හිටවනු ලැබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු මහජන සේවාවන් හෙට (20) සිට නැවත ක්‍රියාත්මක කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් පසුගිය 17 වැනිදා සිට මෙම සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට සිදු වූ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව, හෙට සිට යළිත් සාමාන්‍ය පරිදි සියලු මහජන සේවාවන් ලබාගැනීමට හැකිවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

වෙරළ තීරය ගිනි ජාලාවක් වෙයි - නිවාස 200ක් අළුවෙයි!

වෙරළ තීරය ගිනි ජාලාවක් වෙයි - නිවාස 200ක් අළුවෙයි!

එලියට බහින්න නම් එපා.. පළාත් කිහිපයකට රතු අනතුරු ඇඟවීමක්

එලියට බහින්න නම් එපා.. පළාත් කිහිපයකට රතු අනතුරු ඇඟවීමක්