ඕස්ට්‍රේලියානුවත් වහ වැටුන ලංකාවේ ඩැනීගේ අමුතුම ජින් පානය මෙන්න..

Sri Lanka Bar Association of Sri Lanka Austria World Technology
By Aruna Jun 20, 2024 01:04 PM GMT
Aruna

Aruna

Report

ඩැනී පෙරේරා නම් විසින් හඳුන්වා දී ඇති 'නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්'වලට ඕස්ට්‍රේලියානුවන් වහ වැටී ඇති බවට වාර්තා වේ.

'ඩච් රූල්ස්' ලේබලය යටතේ 2023 වසරේදී වෙළඳපොළට පැමිණි 'නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්' පානයට මාස කීපයකට පසුව ඕස්ට්‍රේලියානු ඩිස්ටිල්ඩ් ස්පිරිට්ස් සම්මාන උළෙලේදී රිදී සම්මානය දිනා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මත්පැන් පාවිච්චි කළ 16 ක් මරුට..70කට අධික පිරිසක් රෝහල්ගත කෙරේ..ඉහළ යා හැකි මරණ ගණන ගැන අනතුරු ඇඟවීමක්..

මත්පැන් පාවිච්චි කළ 16 ක් මරුට..70කට අධික පිරිසක් රෝහල්ගත කෙරේ..ඉහළ යා හැකි මරණ ගණන ගැන අනතුරු ඇඟවීමක්..


2022 වසරේදී ආරම්භ කරන ලද 'ඩච් රූල්ස්' සමාගම මේ වනවිට ඕස්ට්‍රේලියාවේ මහත් ජනප්‍රියතාවයක් හිමිකර ගැනීමට සමත්වී තිබේ.

'ඩච් රූල්ස්' සමාගමේ නිර්මාතෘ ඩැනී පෙරේරා අනුරාධපුර නගරයේ ඉපිද හැදීවැඩී ඇති බවත් 2000 දශකය මැදභාගයේදී ඔහු වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව හැදෑරීමේ බලාපොරොත්තුවෙන් ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති බවත් එරට මාධ්‍ය සඳහන් කර ඇත.

ඉගෙන ගන්නා කාලය තුළ වියදමට මුදල් සොයා ගැනීම සඳහා සොයාගත් අර්ධකාලීන රැකියාව සියල්ල වෙනස් කර ඇති බවද ඕස්ට්‍රේලියානු මාධ්‍ය ප්‍රකාශ කරන ලදී.

නගරයේ තැබෑරුමක කළ රැකියාවට තමන් බෙහෙවින් ප්‍රියකළ බවත් තමාගේ ජානවල තිබෙන්නේ කුමක්දැයි හඳුනාගැනීම සඳහා එම රැකියාව හේතුවූ බවත් ඩැනී පෙරේරා ප්‍රකාශ කර ඇත.

අද සිට කාලගුණයේ සිදුවන විශේෂ වෙනස ගැන දැනුම්දීමක්..

අද සිට කාලගුණයේ සිදුවන විශේෂ වෙනස ගැන දැනුම්දීමක්..


තැබෑරුම තුළදී මිනිසුන් සමඟ කතා කිරීම සහ ඔවුන්ට මධ්‍යසාර පිළිගැන්වීම බෙහෙවින් ප්‍රියවූ බවත් තමන් ඉදිරියට යා යුත්තේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයෙන් නොවන බව අවබෝධවූ බවත් පෙරේරා පවසා තිබේ.

ඕස්ට්‍රේලියානු ඩිස්ටිල්ඩ් ස්පිරිට්ස් සම්මාන උළෙලේදී නිව් වර්ල්ඩ් කන්ටෙම්පරරි ජින් කාණ්ඩය යටතේ ඩැනී පෙරේරාගේ 'නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්' පානය රිදී පදක්කම දිනාගෙන ඇත.

ශ්‍රී ලාංකික කුළුබඩු ඇතුළුව අමුද්‍රව්‍ය 15 ක් යොදා ගනිමින් මෙම ජින් පානය නිපදවෙන බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.