ඩෙංගු ගැන බය හිතෙන රටම අවධානයෙන් සිටිය යුතු - නවතම වර්තා මෙන්න

Report

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

එම දත්ත අනුව ජූලි 15 වැනිදා පමණක් ඩෙංගු ආසාදිතයින් 1,195 දෙනෙකු හඳුනාගෙන තිබේ. ජූලි මාසයේ පළමු දින 15 තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 17,051ක් වන අතර, වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

එම සංඛ්‍යාව 38,160ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. පළාත් අනුව දකුණු පළාතෙන් ඩෙංගු රෝගීන් 11,274ක්, සබරගමුව පළාතෙන් 6,073ක් සහ මධ්‍යම පළාතෙන් 6,026ක් වාර්තා වී තිබේ.

ජූලි මාසය තුළ පමණක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,082ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 14,447ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් 5,124ක් හඳුනාගෙන ඇත. මේ දක්වා ඩෙංගු ආසාදනය හේතුවෙන් පුද්ගලයින් 49 දෙනෙකු මියගොස් ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

ඩෙංගු මුළු රටම වෙලාගනී - අද සිට සති දෙකක් යනතුරු ක්‍රියාත්මක වෙන විශේෂ වැඩපිළිවෙළ මෙන්න

ඩෙංගු මුළු රටම වෙලාගනී - අද සිට සති දෙකක් යනතුරු ක්‍රියාත්මක වෙන විශේෂ වැඩපිළිවෙළ මෙන්න

'දිට්වා' පුර්ව හානි අවම කිරීමේ රජයේ ක්‍රියාමාර්ග ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් විභාගයක්

'දිට්වා' පුර්ව හානි අවම කිරීමේ රජයේ ක්‍රියාමාර්ග ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් විභාගයක්