ඩෙංගු මුළු රටම වෙලාගනී - අද සිට සති දෙකක් යනතුරු ක්‍රියාත්මක වෙන විශේෂ වැඩපිළිවෙළ මෙන්න

Report

පවතින කාලගුණික තත්ත්වයත් සමඟ එළැඹෙන අගෝස්තු මාසයේ මැද භාගය දක්වා ඩෙංගු රෝග ව්‍යාප්තියේ ඉහළ අවදානම් තත්ත්වයක් පැවතිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ සදහන් කර තිබේ.

  සෞඛ්‍ය අමාත්‍යවරයා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ එබැවින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ දියත් කරන මර්ධන වැඩසටහන්වලට උපරිම සහාය දක්වන ලෙසත්, තමන් ජීවත් වන නිවෙස්, පාසල් සහ සේවා ස්ථාන අවට පරිශ්‍රයන් මදුරුවන් බෝ නොවන පරිදි පිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්නා ලෙසයි

එහිදී අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගී වර්තාවීම ඉහළ ගොස් ඇති බවයි

ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ මේ අතර දිවයින පුරා පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික් 11ක් ඉලක්ක කර ගනිමින් අද (16) සිට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කරන බවයි .

සමාජ මාධ්‍ය කැළඹූ 8 හැවිරිදි දරුවාගේ "කාර් ගිනි තැබීමේ" වීඩියෝවේ ඇතුළාන්තය පොලිසිය හෙළි කරයි

සමාජ මාධ්‍ය කැළඹූ 8 හැවිරිදි දරුවාගේ "කාර් ගිනි තැබීමේ" වීඩියෝවේ ඇතුළාන්තය පොලිසිය හෙළි කරයි

අද සිට ඉදිරි සති දෙකක කාලයක් පුරා අදාළ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මෙම විශේෂ මර්ධන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කර තිබේ.

ඩෙංගු ව්‍යාප්තිය බහුලව වාර්තා වන කලාප හඳුනාගෙන, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ ජනතාව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.