ඩෙංගු ව්‍යාප්තිය යළි ඉහළට...

Report

පවතින වර්ෂාව හමුවේ ඩෙංගු ව්‍යාප්තිය යළි ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසා සිටිනවා.

මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර ජනතාවට දැනුම් දෙන අතර, මෙම පවතින තත්ත්වය තුළ පසුගිය සඳුදා සිට ප්‍රකාශයට පත් කළ මදුරු මර්දන සතිය අදින් අවසන් වේ.

ඉන්ධන මිල අඩු කිරීමත් සමග බස් ගාස්තු ගැන ඇහෙන අලුත්ම කතාබහ..

ඉන්ධන මිල අඩු කිරීමත් සමග බස් ගාස්තු ගැන ඇහෙන අලුත්ම කතාබහ..

වසරේ ගත වූ කාල සීමාව තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 24, 815ක් ය.

එමෙන් ම, ඩෙංගු වැළදීමෙන් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 09ක් ලෙස ද වාර්තා වේ.