ඉන්ධන මිල අඩු කිරීමත් සමග බස් ගාස්තු ගැන ඇහෙන අලුත්ම කතාබහ..
ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තුවේ අඩුවක් සිදු නොවන බවයි.
ඩීසල් ලීටරයක මිල රුපියල් 307 ක සීමාවට පැමිණියහොත් පමණක් බස් ගාස්තු අඩු කළ හැකි බවයි එහි සභාපතිවරයා කියා සිටියේ.
මේ පිළිබඳ වැඩිදුර කරුණු දක්වමින් ඔහු පැවසුවේ බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව ඉන්ධන මිල 4% ක මට්ටමකින් අඩු වුවහොත් පමණක් ගාස්තු අඩු කළ හැකි බවත්, මෙවර ඉන්ධන මිල අඩු කිරීමේ ප්‍රතිශතය 2.8% ක් බවත්ය.
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16 කින් අඩු කෙරුණු අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 317 ක් ලෙසයි.
එමෙන්ම බස් සංගම් සහ ත්‍රිරෝද රථ සංගම් ද සඳහන් කළේ ඉන්ධන මිල අඩුවුවද කිසිදු අයුරකින් සිය ගාස්තු අඩුකිරීමක් සිදු නොකරන බවයි.