සියලුම විශ්වවිද්‍යාල සඳහා ජාතික මාර්ගෝපදේශය නිල වශයෙන් එළිදක්වයි

Report

විශ්වවිද්‍යාල ප්‍රජාව ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කර ගැනීම, රෝගය කල්තියා හඳුනා ගැනීම සහ නිසි සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අරමුණු කරගනිමින් සකස් කළ "ඩෙංගු නිරීක්ෂණය සහ වැළැක්වීම පිළිබඳ සායනික කළමනාකරණ හා සම්මත මාර්ගෝපදේශය" අද (20) දින පෙරවරුවේ නිල වශයෙන් එළිදක්වා ඇත.

ඒ අනුව මෙම උත්සවය කොළඹ 07, වෝඩ් පෙදෙසෙහි පිහිටි උසස් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැතුණා. මෙහි ප්‍රධාන අරමුණ වූයේ මෙරට සියලුම විශ්වවිද්‍යාල තුළ ඩෙංගු රෝගය කල්තියා හඳුනා ගැනීම, රෝගීන් නිසි පරිදි කළමනාකරණය කිරීම, රෝග නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම සහ මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් හඳුන්වා දීම බව සඳහන්.

එසේම මෙම මාර්ගෝපදේශ මාලාව, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) එක්ව කොළඹ විශ්වවිද්‍යාලයේ සම්පත් දායකත්වය ඇතිව සකස් කර ඇති බව වාර්තා වේ.

දිට්වා වගේම තවත් බරපතළ ස්වාභාවික ආපදාවක්.. ලංකාවට වෙන්න යන මහා විනාසයක් ගැන හෙළි වෙයි

දිට්වා වගේම තවත් බරපතළ ස්වාභාවික ආපදාවක්.. ලංකාවට වෙන්න යන මහා විනාසයක් ගැන හෙළි වෙයි

මේ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක විසින් උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න වෙත නිල වශයෙන් මෙම මාර්ගෝපදේශන සංග්‍රහය පිළිගැන්වීය.

එමෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සහ එය පාලනය කිරීමට මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කිරීමේ වැදගත්කම මෙන්ම එහි පසුබිම පිළිබඳව මෙහිදී අදහස් දක්වමින් උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න දීර්ඝ ලෙස කරුණු සඳහන් කර ඇත.

මෙම මාර්ගෝපදේශ සකස් කිරීමට පාදක කරගත් විද්‍යාත්මක කරුණු පිළිබදව, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක විසින් විස්තර කරන ලදි.

ඒ අනුව ඔහු කියා සිටියේ ඩෙංගු රෝගය වැළඳෙන ආකාරය සහ උණ වැළඳීමෙන් පසු රෝගියෙකු විසින් කළ යුතු සහ නොකළ යුතු දේ පිළිබඳවයි. එමෙන්ම මෙහිදී පසුගිය දිනවල පැවති තත්ත්වයන්ගෙන් පසු කොළඹ විශ්වවිද්‍යාලයේ සියලු කටයුතු අද පටන් සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වන බව ද උපකුලපතිවරයා තහවුරු කර තිබුණා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට.. ලෝක දේශපාලනය උඩුයටිකුරු කරමින් ප්‍රබලයෙක් කට අරී

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට.. ලෝක දේශපාලනය උඩුයටිකුරු කරමින් ප්‍රබලයෙක් කට අරී

ඊට අමතරව කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය පූජිත වික්‍රමසිංහ ද මෙහිදී සභාව ඇමතූ අතර, ඩෙංගු උණ රෝගී තත්ත්වයකට සාර්ථකව මුහුණ දිය යුතු ආකාරය සහ සායනිකව රෝගීන් රැකබලා ගන්නා ආකාරය පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක උපදෙස් ලබා දීම සිදු කළා. තවද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ප්‍රසීලා සමරවීර විසින් වත්මන් ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මේ වන විට මුළු දිවයිනම ආවරණය වන ලෙස ඩෙංගු මදුරු කීට ඝනත්වය සැලකිය යුතු මට්ටමකින් පහළ බැස ඇති බව පැවසුවා.

එම අවස්ථාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත කුමාර, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ විවිධ විශ්වවිද්‍යාලවල නියෝජිතයන් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විශේෂඥයන් රැසක් එක්ව සිටියා.

සූදානම් වන්න - දිවයිනේ මේ අයට අවවාදාත්මක නිවේදනයක්

සූදානම් වන්න - දිවයිනේ මේ අයට අවවාදාත්මක නිවේදනයක්

විද්‍යුත් වාහන සම්බන්ධයෙන් විශාල ගැටලුවක්- වාහන ආනයනය නවතියි? බදු සහනයත් කපයි

විද්‍යුත් වාහන සම්බන්ධයෙන් විශාල ගැටලුවක්- වාහන ආනයනය නවතියි? බදු සහනයත් කපයි