තවත් උවදුරක් ඉදිරියේදී
ඊසාන දිග මෝසම් වර්ෂාව සක්‍රීය වී ඇති බැවින් ඉදිරියේදී ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ සදහන් කර තිබේ.
සාමාන්‍යයෙන් මේ කාලය වන විට ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් අපේක්ෂා කරන බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය කපිල කන්නංගර මහතා සදහන් කරයි.
නමුත් අධ්‍යක්‍ෂවරයා සදහන් කළේ ආපදාවලට මුහුණ දුන් ජනතාව ඩෙංගු රෝගයට ගොදුරුවුවහොත් ඔවුන් තවදුරටත් පීඩාවට ලක්වෙන බවයි.
එනිසා ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා විශාල ප්‍රයත්නයක් යොදන බව තව දුරටත් එතුමා සදහන් කර තිබේ.