ඩෙංගු අවදානම තවමත් ඉහළයි -රෝගීන් සංඛ්‍යාව 74,000 පසු කරයි

Report

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 74,000 ඉක්මවා ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කළේ, මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 74,478 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

ඒ අනුව, ඊයේ (17) දිනයේ පමණක් නව ඩෙංගු රෝගීන් 1,023 දෙනෙකු හඳුනාගෙන ඇති බවද ඇය පැවසුවාය. මේ අතර, ඩෙංගු රෝගය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව ද මේ වන විට 53 දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

මගී ජීවිත එක්ක සෙල්ලම් කරන අයට වැඩ වරදියි - මාකුඹුරේදී බස් රියදුරන්ට හදිසි මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්

මගී ජීවිත එක්ක සෙල්ලම් කරන අයට වැඩ වරදියි - මාකුඹුරේදී බස් රියදුරන්ට හදිසි මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්

පරිස්සම් වෙන්න - අකුණු අනතුරුවලින් වසරකට අහිමි ජීවිත වන ජිවිත සම්බන්ධ බියකරු හෙළිදරව්වක්

පරිස්සම් වෙන්න - අකුණු අනතුරුවලින් වසරකට අහිමි ජීවිත වන ජිවිත සම්බන්ධ බියකරු හෙළිදරව්වක්