ආරක්‍ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරයි..මේ ගැන සියලු පවුල් වල අය දැඩි අවධානයෙන් ඉන්න..

Report

නීති විරෝධී මාර්ග හරහා රුසියා – යුක්‍රේන යුද්ධය සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධව තොරතුරු ලබාගැනීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය විශේෂ අංශයක් පිහිටුවා ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.  

ඒ අනුව, ආරක්‍ෂක ලේකම් අදාල අයගේ පවුල්වල සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, මේ වනවිට විවිධ මාර්ග ඔස්සේ රුසියා – යුක්‍රේන යුද්ධය සඳහා පිටත්ව ගොස් ඇති ත්‍රිවිධ හමුදා විශ්‍රාමික හමුදා සාමාජිකයින්, ඔවුන් ගිය දිනයන්, ඒ සඳහා සම්බන්ධීකරණය කරන ලද පුද්ගලයින්, ආයතන සහ දුරකථන අංක ඇතුළු අදාල සියලු තොරතුරු ආරක්‍ෂක අමාත්‍යාංශයේ විශේෂ දුරකථන අංක 0112441146 වෙත කඩිනමින් ලබා දෙන ලෙසයි.

2024 T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි..ක්‍රීඩක ලැයිස්තුව මෙන්න..

2024 T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි..ක්‍රීඩක ලැයිස්තුව මෙන්න..


තවද, ආරක්‍ෂක ලේකම්වරයා විසින් මහජනතාව වෙත දන්වා සිටින්නේ, මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හෝ ඊට අනුබල දෙන පුද්ගලයින් හෝ වෙනත් අයවළුන් සම්බන්ධ තොරතුරු තිබේනම් එම විස්තර ද ඉහත දුරකථන අංකය වෙත ලබා දෙන ලෙසයි.

මෙය හුදෙක් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීවිත ආරක්‍ෂාව සඳහා ඉටු කරනු ලබන කටයුත්තක් බැවින්, මේ සඳහා විශේෂ අවධානය යොමුකර තොරතුරු ලබා දෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද ආරක්ෂක අමාත්‍යංශය විසින් දැනුම්දෙනු ලැබේ.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවීම ගැන පැතිර යන ආරංචිය මෙන්න.. යළිත් විභාගය තියන්න වෙයි..?

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවීම ගැන පැතිර යන ආරංචිය මෙන්න.. යළිත් විභාගය තියන්න වෙයි..?