ප්‍රෙග්නන්ට් දීපිකාට එදා බච්චන් අත දීලා.. එහෙම අත දුන්න බච්චන් ගැන බුකියේ ඇහෙන කසුකුසුව මොකක්ද මේ?.(PHOTOS)
By krishani
ඇත්තටම දීපිකා පදුකෝන් කියන්නේ ලෝකයක් ආදරය කරන දක්ෂ මෙන්ම රුවින් දෙව්ලියක් වන් නිළියක්.
ඉතිම් බොලිවුඩයේ සුරූපී තාරකාවක් වෙන දීපිකා පදුකෝන් මේ වන විට මව් පදවිය ලැබීමට සූදානම් වෙමින් පසු වෙනවා.
මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන අලුත්ම පුවතක් ගැනයි.
ඒ තමයි මේ ළගදී දවසක මුම්බායිවල පැවති උත්සවයකට ඇය සහභාගී වුණා.
ඇය මෙලෙස ඇවිත් තිබුණේ දීපිකාගේ අලුත්ම සිනමා පටය වන Kalki 2898 AD හි pre-release event එකට.
එම අවස්තාවට බොලිවුඩයේ ජනප්‍රිය තරු රැසක් එක්වෙලා තිබීම විශේෂත්වයක් වුණා.
ඒ අතර ප්‍රභාස්, අමිතාබ් බච්චන් සහ කමල් හසන් ආදී තරුත් හිටියා.
කෙසේ වෙතත්, මෙහිදී දීපිකාට වේදිකාවට නැගීමට අමිතා බච්චන් ලබා දුන්න සහයෝගය ගැන බොහෝ මාධ්‍ය විවිධ ආකාරයෙන් වාර්තා කර තිබුණා.
ඇත්තටම ඒ මොහොත ගැන ගොඩක් දෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ අමිතා බච්චන්ට කෘතගුණ දැක්වූ ආකාරය දකින්න පුලුවන් වුණා.