කබලෙන් ලිපට වැටිලා හිටිය රිලව් අන්තිමට වැටුණු තැන
මහනුවර දිස්ත්‍රික්කයේ වගා වලට හානිකරන රිලවුන් අල්ලා දූපතකට මුදාහැරීමට තීරණය කර තිබෙනවා.
ඊයේ (27) දින එම දිස්ත්‍රික්කයේ වගාවලට රිලවුන්ගෙන් සිදුවන හානි සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කරනු ලැබූ විශේෂ කමිටුව රැස් වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹී තිබෙනවා.
එහිදී තීරණය වූයේ, මහනුවර දිස්ත්‍රික්කයේ ජීවත්වන රිලවුන් රන්දෙණිගල ජලාශය මධ්‍යයේ පිහිටි අක්කර 200කට ආසන්න වපසරියකින් යුක්ත දූපතකට රැගෙනයාමටයි.
හේවාහැට ආසනයේ ගම්මාන 15ක් මූලික කරගෙන ක්‍රියාත්මක මෙහි නියමු ව්‍යාපෘතිය සඳහා දැනටමත් රුපියල් මිලියන 10ක් වෙන්කර තිබෙනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශුවෛද්‍ය පීඨයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ප්‍රධානත්වය දරන අදාළ කමිටුවට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාවික හමුදාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව රැසක් එක් මෙම තීරණ ගෙන තිබෙනවා.
