සුරාසැල් රැසක් සතියකට වැසේ..
පොසොන් සතිය පැවැත්වෙන බැවින්, ජූනි 07 වනදා සිට ජූනි 13 වනදා දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසැල් වසා දැමීමට තීරණය කර ඇත.
2025 රාජ්‍ය පොසොන් උත්සවය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (21) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ලැබීය.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.