දික්වැල්ලගේ ක්‍රිකට් තහනම ගැන අද ගත් තීරණය...

Cricket Sri Lanka Niroshan Dickwella Sports
By Piyumika Dec 11, 2024 07:37 AM GMT
Piyumika

Piyumika

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ වසර 03ක ක්‍රිකට් තහනම මාස 3 දක්වා අඩු කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් දැඩි සත්කාර ඒකකයකට..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් දැඩි සත්කාර ඒකකයකට..

ඒ අනුව අද (11) සිට ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබේ. නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) විසින් සිදුකරනු ලැබූ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වීමත් සමග නිරෝෂන් දික්වැල්ලට නැවත දැනුම්දෙන තුරු සියලුම ක්‍රිකට් තරග තහනම් කිරීමට බලධාරීන් පියවර ගත්තේය.

අදානි අමරිකානු ඩොලර් මිලියන 553ක ණය ගිවිසුම අත්හරි..කොළඹ වරාය ව්‍යාපෘතියට කුමක් සිදුවේද..

අදානි අමරිකානු ඩොලර් මිලියන 553ක ණය ගිවිසුම අත්හරි..කොළඹ වරාය ව්‍යාපෘතියට කුමක් සිදුවේද..

එම තහනමට එරෙහිව දික්වැල්ල සිය නීතිඥවරුන් මඟින් අභියාචනයක් ඉදිරිපත් කළේය. එම අභියාචනය අනුව දික්වැල්ලට මෙම සහනය ලැබී තිබේ.

නීතිඥ සුමින්ද පෙරේරා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ රනිල් ප්‍රේමතිලක නිරෝෂන් දික්වැල්ල වෙනුවෙන් පෙනී සිටියහ.  

You may like this video

ReeCha