පොලිස්පතිවරයා පත් කිරීම පිළිබඳව තීරණය ලබන 24 වැනි දා...

Report

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙනවා ද? නැද්ද යන නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේ ය.

වාහනයක් ගන්න ඉන්න ඔබට නව ආරංචියක්...

වාහනයක් ගන්න ඉන්න ඔබට නව ආරංචියක්...

එමෙන්ම, විනිසුරු මඩුල්ල විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද? නැත්ද? යන නියෝගයත් එදින ප්‍රකාශයට පත් කරන බවත් සඳහන් කර තිබේ.

අම්බලන්ගොඩ ක්‍රිකට් ක්‍රීඩකයාගේ ඝාතනයට පුද්ගලයෙක් අත්අඩංගුවට...

අම්බලන්ගොඩ ක්‍රිකට් ක්‍රීඩකයාගේ ඝාතනයට පුද්ගලයෙක් අත්අඩංගුවට...

මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙන්නේ, අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඇතුළු පිරිසක් විසින් වන අතර පෙත්සම් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.