ක්ලබ් වසන්ත ඝාතනයේ විමර්ශන ගැන අලුත්ම තත්ත්වය මෙන්න මේකයි..

Report

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (20) වැලිගම මිරිස්ස ප්‍රදේශයේ දී 21 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත්තේ ය.

ක්ලබ් වසන්ත ඝාතනයේ විමර්ශන ගැන අලුත්ම තත්ත්වය මෙන්න මේකයි.. | Death Wasantha Perera

ඒ එම විමර්ශනය සිදුකරන පොලිස් නිලධාරීන් විසින් ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ක්ලබ් වසන්ත ඝාතනය සැලසුම් කිරීම සඳහා යොදාගත් බස් රථයක් මෙම කාන්තාවගේ නමින් ලියාපදිංචි කර ඇති බවයි.

එබැවින්, මෙම කාන්තාව එම ඝාතන කුමන්ත්‍රණය තුළ සිටින්නේද යන්න විමර්ශනය සඳහා ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අනතුරුව ඇයව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය කළ ඉල්ලීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අවසර දී තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පැවසුවේ ක්ලබ් වසන්ත ඝාතනය සැලසුම් කර ස්ථානයට ද මෙම කාන්තාව ගොස් ඇති බවට තොරතුරු ඇති බව ය.

එසේම මෙම බස් රථය මිල දී ගෙන ඇත්තේ මෙම මනුෂ්‍ය ඝාතනය සඳහාම යන්න මේ වනවිට හෙළි වී ඇති බව ඒ මහතා සඳහන් කළේ ය.

මහනුවර වෙව්ලලා ගිය, බෝම්බ බියක් ඇති කළ සැකකරු ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

මහනුවර වෙව්ලලා ගිය, බෝම්බ බියක් ඇති කළ සැකකරු ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


කෙසේ වෙතත්, පසුගිය ජූලි 08 වනදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණ සිටි ක්ලබ් වසන්ත ව එම මධ්‍යස්ථානය තුළදීම නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් වෙඩිතබා ඝාතනය කළේ ය.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට 7 දෙනෙක් අත්අඩංගුවේ පසු වෙයි.