නේපාලයේ ආපදාව තවත් දරුණු වෙයි- විදේශිකයන් 517ක් ඇතුළු සිය ගණනක් තවමත් අතුරුදන් අතරේ

By Kanchana Aug 28, 2026 11:08 AM GMT
Report

නේපාලයේ ඇති වූ දරුණු ගංවතුර හා සම්බන්ධ ආපදා තත්ත්වයෙන් මේ වන විට මළ සිරුරු 538ක් සොයාගෙන ඇති බව ජාතික ආපදා අවදානම් අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය (NDRRMA) පවසයි.

ගලවා ගැනීමේ සහ ප්‍රතිසාධන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, තවමත් පුද්ගලයින් 977 දෙනෙකු පිළිබඳ තොරතුරු සොයාගත නොහැකි බව එම අධිකාරිය සඳහන් කර තිබේ.

අතුරුදන් වූවන් අතර විදේශිකයින් 517 දෙනෙකු සිටින බවද ජාතික ආපදා අවදානම් අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය වැඩිදුරටත් පවසා ඇත.

මේ අතර, බදාදා දිනය වන විට ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 489 දෙනෙකු මියගොස් ඇති බව නේපාල පොලිසිය මීට පෙර තහවුරු කර තිබිණි.

ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් පුළුල් වෙමින් පවතින අතර,   ජාතික ආපදා අවදානම් අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය NDRRMA සහ නේපාල පොලිසිය විසින් වෙන වෙනම නවතම තොරතුරු නිකුත් කරමින් සිටින බව වාර්තා වේ.

නේපාල ගංවතුරේ මරණ 469යි - 1,400කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්

නේපාල ගංවතුරේ මරණ 469යි - 1,400කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්