මියන්මාරයේ භූකම්පනයෙන් මියගිය පිරිස ඉහළට

Myanmar Earthquake Death World
By Zara Mar 31, 2025 02:15 PM GMT
Zara

Zara

Report

මියන්මාරයේ සිදුවූ භූකම්පනයෙන් පුද්ගලයින් 2000කට අධික පිරිසකට මියගිය අතර, ඒ හේතුවෙන් මියන්මාරයේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මියන්මාර හමුදා පාලනය විසින් අප්‍රේල් මස 06 වන දින දක්වා එම ශෝක කාලය ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා.

ඒ අනුව පසුගිය 28 වනදා මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 2000කට අධික පිරිසක් මියගොස් ඇති බවට මේ වන විට තහවුරුවී තිබෙනවා.

කඩා වැටුණු ගොඩනැඟිලි සුන්බුන් අතර සිරවූවන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ තුවාල ලැබූ පුද්ගලයින් විශාල පිරිසක් රෝහල් ගත කිරීම හේතුවෙන් එරට රෝහල් පද්ධතිය ද අර්බුදයකට පත්ව ඇති බවයි. භූකම්පනයෙන් රෝහල් ගොඩනැගිලි ද හානියට පත්ව ඇති අතර බොහෝ රෝහල් රෝගීන්ගෙන් පිරීගොස් ඇති බව එම සංවිධානය පවසනවා.

මෙන්න හෙට ඉඳලා රජයෙන් ලැබෙන සහනය - බලන් ඉඳපු අයට ගොඩක් වැදගත් වෙයි

මෙන්න හෙට ඉඳලා රජයෙන් ලැබෙන සහනය - බලන් ඉඳපු අයට ගොඩක් වැදගත් වෙයි

රජය අලුතින් හදන්න යන ගුවන්තොටුපොළ මොකද්ද?

රජය අලුතින් හදන්න යන ගුවන්තොටුපොළ මොකද්ද?

ReeCha