පතාල කල්ලි නායක ගනේමුල්ලේ සංජීවගේ මරණයේ සැකකරුට ඇප
By Lakshika
පතාල කල්ලි නායක ගනේමුල්ලේ සංජීවගේ ඝතනයේ අනුබල දුන් බූස්ස බන්ධනාගාරයේ සිටි හිටපු ජේලර්වරයා ඇප මත නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
සැකකරුට ඉදිරිපත් කරන ඇප ඉල්ලීම මත කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් එම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව සැකකරු රුපියල් 75,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියෝග කරනු ලැබීය.
මෙම ඇප ඉල්ලීම පිළිබඳ විභාගයේ දී ඉදිරිපත් වූ කරුණු තුළින් මෙම සැකකරු අදාළ අපරාධයට සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය නොවන හෙයින් මොහු ඇප මත මුදාහරින බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ කියා සිටියේය.
[4EHHX]