ජනාධිපතිට ෆේස්බුක් එකෙන් අපහාස කළ පුද්ගලයෙක්ට මරණ දඬුවම

Report

සමාජ මාධ්‍ය හරහා ටියුනීසියානු ජනාධිපතිවරයාට අපහාස කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙක්ට මරණ දඬුවම නියම කිරීමට එරට අධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මානව හිමිකම් සඳහා වූ ටියුනීසියානු ලීගයේ ප්‍රධානියා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාට අපහාස කිරීම සහ ජාතික ආරක්ෂාවට තර්ජනය කිරීම යන චෝදනා මත මෙම දඬුවම නියම කර ඇති බවයි.

2021 වසරේ දී ජනාධිපති කයිස් සයිඩ් ටියුනීසියාවේ බලතල අත්පත් කර ගැනීමෙන් අනතුරුව අදහස් ප්‍රකාශ කිරීමේ දැඩි සීමා පනවා තිබෙනවා.

ඒ අනුව මෙම තීන්දුව එය ටියුනීසියාවේ පෙර නොවූ විරූවක් බව වාර්තා වේ.

හිටපු රැප් ගායකයෙක් පෙම්වතියන් දෙන්නව ගණිකා වෘත්තියේ යොදවන්න ගිහින් - වසර 4ට වඩා සිර දඬුවම්

හිටපු රැප් ගායකයෙක් පෙම්වතියන් දෙන්නව ගණිකා වෘත්තියේ යොදවන්න ගිහින් - වසර 4ට වඩා සිර දඬුවම්

එසේම වාර්තා වූ ආකාරයට මෙසේ දඬුවම් නියම කර ඇත්තේ 56 හැවිරිදි සාමාන්‍ය කම්කරුවෙක්ට වන අතර ඔහු සීමිත අධ්‍යාපනයක් ලැබූ පුරවැසියෙක් බව ද සඳහන්.

එමෙන්ම ඔහුගේ නීතිඥවරයා කියා ඇත්තේ, ෆේස්බුක් සටහන් පිළිබඳව නබියුල් උසාවියේ විනිසුරුවරයා තම සේවාදායකයාට මරණ දඬුවම නියම කර තිබෙන බවයි.

එබැවින් එය කම්පන සහගත සහ පෙර නොවූ විරූ තීන්දුවක් බව ඔහු පැවසුවා. එහෙත් අඳාළ තීන්දුවට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම වාර්තා වූයේ ටියුනීසියාවේ අධිකරණ මඟින් අවස්ථා කිහිපයකදී මරණ දඬුවම් නියම කර තිබුණද වසර 30කට වැඩි කාලයක් තිස්සේ එම තීන්දු ක්‍රියාත්මක කර නැති බවයි.

WhatsApp භාවිතා කරන්නන්ට අනතුරු ඇඟවීමක්

WhatsApp භාවිතා කරන්නන්ට අනතුරු ඇඟවීමක්

ට්‍රම්ප්ගේ අවසන් නිවේදනය -ඉස්සරහට මොකද වෙන්නේ

ට්‍රම්ප්ගේ අවසන් නිවේදනය -ඉස්සරහට මොකද වෙන්නේ