උපන් දින දා ම යළි නොඑන ගමන් ගිය අශාන්.. උපන් දිනය සමරන්න තෝරා ගත් තැනම.. වෙලා තියෙන දෙය..
By krishani
කෑගල්ල - තෙලිඇල්ලේ ගිලී වයස අවුරුදු 27ක තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ ඔහු සිය මිතුරන් පිරිසක් සමඟ උපන්දින සාදය සමරමින් සිටිය දී ය.
අශාන් ප්‍රබෝධ නම් තරුණයා සිය 27 වැනි උපන්දින සාදය සැමරීම සඳහා තෙලිඇල්ලට ගොස් තිබෙනවා.
ඒ අනුව මෙම පිරිස ඇල්ල අසළ බොහෝ වේලාවක් මත්පැන් පානය කරමින් සිට ඇති බවට වාර්තා වේ.
පසුව පිරිස ඇල්ලේ ස්නානය කරමින් සිටින අතරතුර මෙම වයස අවුරුදු 27ක තරුණයා දියේ ගිලී තිබෙනවා.
අදාළ තරුණයාගේ දේහය ඇල්ලේ පාවෙමින් තිබියදී ඊයේ (18) පස්වරුවේ සොයා ගෙන ඇත.
කෙසේ වෙතත්, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති තරුණයා ලබන සතියේ විදෙස් ගතවීම සඳහා සූදානමින් සිටි අයෙක් බවට වාර්තා වේ.
You may like this video