ඕස්ට්‍රේලියාවේ දී ලාංකික තරුණයෙක් ඇඟට පෙට්‍රල් වක් කරගෙන.. අවසානේ වෙලා තියෙන දෙය හිතාගන්නවත් බෑ..

By krishani Aug 28, 2024 04:34 PM GMT
Report

ශ්‍රී ලාංකික පුද්ගලයෙක් මෙල්බර්න් හි දී සිරුරට ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ ය.

ඔහු සරණාගත භාවය අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි අයෙක් වේ.

ටෙස්ට් තරගය කට උඩ තියලා.. කුසල් මෙන්ඩිස්ට වුණ දෙය.. එකවරම තීරණ 02ක් මෙන්න..

ටෙස්ට් තරගය කට උඩ තියලා.. කුසල් මෙන්ඩිස්ට වුණ දෙය.. එකවරම තීරණ 02ක් මෙන්න..


23 හැවිරිදි වියේ පසු වූ එම තරුණයා 2013 වසරේ දී ඔස්ට්‍රේලියාවට අනවසරයෙන් සංක්‍රමණය වූ පුද්ගලයෙක් ය.

එහිදී ඔහු සිය දෙමව්පියන් සමග මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා. 

ඒ අනුව ඔහු තාවකාලික වීසා බලපත්‍රයක් මත එරට වසර 11ක් පමණ වාසය කර ඇත.

එමෙන්ම, ඔහු සරණාගත භාවය සඳහා මීට පෙර ඉල්ලුම් කර තිබුණද එය ප්‍රතික්ෂේප වී තිබෙනවා.

මනෝ යෝගලිංගම් නම් එම තරුණයා ඔහුගේ වීසා ගැටලුව හේතුවෙන් ඉතා කනස්සල්ලෙන් සිටි බව පැවසෙයි.

රන් මිල එකවරම නොහිතපු ගාණකින් වෙනස් වෙයි.. අද ලැබුණ තැන මෙන්න..

රන් මිල එකවරම නොහිතපු ගාණකින් වෙනස් වෙයි.. අද ලැබුණ තැන මෙන්න..


ඔහු ඊයේ (27) රාත්‍රියේ සිය සිරුරට ගිනි තබාගෙන ඇති බවත් හදිසි ප්‍රතිකාර අංශ මගින් ඔහුව රෝහල්ගත කර තිබූ බවත් වික්ටෝරියා පොලීසියේ නිලධාරියෙක් පැවසුවේ ය.

නමුත් ඔහු අද (28) මියගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ "සරණාගතයින්ට හඳුන්වා දී ඇති ප්‍රතිපත්තියට" විරෝධය දක්වමින් ඔහු එම තීරණය ගන්නට ඇති බව ය.