වැන්දඹු කතගෙ ආලය.. බෙදා ගන්න දෙන්නෙක් පොර කාලා..

Report

35 හැවිරිදි තරුණයෙකුගේ මළසිරුරක් අලුත්වෙල – හාමුදුරුකන්ද රක්ෂිතයෙන් සොයාගෙන තිබෙනවා.

මොහු සිව්දිනක සිට අතුරුදන් ව සිට ඇති බවට වාර්තා වේ.

පසුගිය 18 වැනිදා අතුරුදන් ව ඇති බවට තණමල්විල පොලිසියට ද පැමිණිල්ලක් ලැබී ඇති බව සඳහන් වේ.

ඒ අනුව විමර්ශන ඇරඹූ පොලිස් නිලධාරින්ට අද (22) කොස්ලන්ද පොලිස් ස්ථානය මගින් දුන් පණිවිඩයකට අනුව අදාළ අතුරුදන් වූ තැනැත්තාගේ මළසිරුර හමු වී තිබෙනවා. 

ආයෙත් ගෑස් හිඟයක් ද?.

ආයෙත් ගෑස් හිඟයක් ද?.

එම මළසිරුර සොයාගන්නා විට දී ඔහුගේ සිරුරේ හිස කඳින් වෙන් ව තිබූ බව ද වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ තණමල්විල – අරාවේගම පදිංචි රොෂාන් දිමුතු නම් අයෙක් වේ.

පොලිසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ඔහුගෙ මව විසින් බව සඳහන් වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදු කළ මුලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මරණකරු සහ එම ප්‍රදේශයේ ම පදිංචි වසන්ත නමැති අයෙක් 44 හැවිරිදි වැන්දඹු කාන්තාවක් සමග පැවති අනියම් සබඳතාව හේතුවෙන් වසන්ත නමැත්තා විසින් මොහුව ඝාතනය කර ඇති බවයි.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.