යාපනයෙන් ඇහෙන එක් සංවේදී සිදුවීමක් ..

By Piyumika Sep 12, 2024 02:41 AM GMT
Report

යාපනයේ වඩමරච්චි කරණවායී ප්‍රදේශයේදී මියගිය සිය බිරිදගේ ආදාහනය සිදු වෙමින් පවතිද්දී සැමියාගේ ළය පැලී ඊයේ (11) ජීවිතක්ෂයට පත්වී තිබෙන පුවතක් වාර්තා වේ.

ඡන්ද වැඩ අස්සේ හොර රහසේම ලොකුවටම වෙන තවත් වැඩක්..

ඡන්ද වැඩ අස්සේ හොර රහසේම ලොකුවටම වෙන තවත් වැඩක්..

මෙසේ මියගොස් ඇත්තේ මුත්තයියා ධර්මලිංගම් නැමති අවුරුදු 54 ක පුද්ගලයෙක්ය.

ඔහුගේ බිරිද වූ එස්.ආන්නතියාචෙට්ටි නැමැත්තිය කෙටි කලක් අසනීපව සිට මියයාමෙන් පසුව ඇය සම්බන්ධයෙන් වූ ආදාහනය හින්දු පූසාරීවරයෙකු විසින් නිවසේදී සිදු කරමින් සිටියදී ස්වාමියා එක්වරම බිම ඇද වැටී ඇති බවයි පැවසෙනුයේ.

බිරිඳටද අමානුෂීය ලෙස පහර දී පුතා ඝාතනය කර පලා ගිය පියා සොයයි ..

බිරිඳටද අමානුෂීය ලෙස පහර දී පුතා ඝාතනය කර පලා ගිය පියා සොයයි ..

එහිදී වහාම ඔහුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට ඇතත්  ඔහු මියගොස් තිබේ.

වෛද්‍යවරුන් ප්‍රකාශ කොට ඇත්තේ එම මරණය හදිසියේ වැළදුණු දරුණු හෘදයාබාධයක් හේතුවෙන් සිදුව ඇති බවයි.

පේදුරුතුඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා යනු ලබනවා.